Friday, January 1, 2016

ANTHURIUM(ඇන්තූරියම්)


ඇන්තූරියම් හදුනාගනිමු.
කුලය අනුව ගත් කල ඇන්තූරියම් ශාකය අයත් වන්නේ අරේසියස් කුලයටය.දකුනු අමෙරිකාව නිජබිම කොටගත් ශාකයකි.රූපයෙන් හබරල ශාකයට යම් සමානකමක් ඇත.ඒක බීජ පත්‍රී ශාකයකි.තද අරටුවක් දක්නට නොලැබෙන බැවින් මෙය අකාශ්ටීය ශාක ගනයට වැටේ.මීටර් 1ක් පමන උසක් ඇති aඅතර ආයු කාලය වර්ශයකට වඩා දිගු වන බැවින් බහුවාර්ශික හාකයක් ලෙස හදුන්වනු ලැබේ.වර්තමානයේ ඇතූරියම් වගාව දියුනු කිරීඅ උදෙසා ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය විශාල උත්සහයක් ගනී. ඇන්තූරියම් ප්‍රධාන වශයෙන් අරමුනු දෙකකට වගා කිරීම සිදු කරනු ලබයි.

1.මල් සදහා වගා කරන ඇන්තූරියම්.
                     2.පත්‍රවල විචිත්‍රත්වය නිසා වගා කරන ඇන්තූරියම්.
මල් වගාව සදහා කරන ඇන්තූරියම්.
මෙමවර්ගය කැපුමක් ලෙසින් මෙන්ම බදුන්ගත ශාක ලෙසිනුත් භාවිතා කෙරෙනු ලැබේ.මල් සදහා ගැනෙන ප්‍රභේද විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර නවීන තාක්ශනය උපයෝගී කරගෙන බිහි කරවන ලද දර්ශනීය වූ නවතම ප්‍රභේද නිරන්තරයෙන් වෙලද පොලට එක්වේ.මෙය සිදු කරනු ලබන්නේ දෙමුහුන් කිරීම තුලිනි.මේ ආකාරයට අල් කොලපුව මත තිත්,ඉරි,පුල්ලි,විසිතුරු රටා ආදිය බිහි කරවා ගැන්මට මල් විශේෂඥයෝ සමත්ව සිටී.
පත්‍රවල විචිත්‍රත්වය නිසා වගා කරන ඇන්තූරියම්.
මෙයපාත්‍රික ඇන්තූරියම් ලෙස හදුන්වනු ලැබේ.මෙවැනි ප්‍රභේද වල මලක් හටගන්නා නමුත් එම මල දර්ශනීය නොවේ.එමෙන්ම එහි කොලපුව ඉතා සිහින්ය.ඡද ශුකිය පමනක් සාමාන්‍ය ප්‍රමානයට අඩා විශාල වේ.සමහර පාත්‍රික එන්තූරියම් ප්‍රභේද ප්‍රමානයෙන් ලේඩිජේන් මලේ ප්‍රමානයට සම මල් හටගනී.එසේ වුවද මෙම වර්ගය හුදෙක්ම පත්‍රයේ විශේශත්වය අරමුනු කොටගෙන වගා කරයි.මෙහි විශේෂ ගනනාවක්ම පවතී.
දේශගුණය.
නිවර්තන කලාපයේ දේශගුණයට හොදින් අනුගත වන ශාකයකි.එබැවින්,ශ්‍රීලංකාව මෙම වගාව සදහා ඉතාම ඉහල සුදුසු කමක් පෙන්වයි.මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් දක්වා වූ ප්‍රදේශ වල ඇන්තූරියම් වගා කල හැක.මෙය විශේශයෙන්ම සෙවන ප්‍රිය කරන ශාකයකි.එබැවින් 60%-70% අතර සෙවනක් අවශ්‍ය aවන අතර වඩාත්ම සුදුසු වන්නේ 70% පමන සෙවන ලබා දීමය.වියලි කලාපයේදී මෙහි අගය තවත් ඉහල යනු ඇත.ඇන්තූරියම් ශාකයට අවශ්‍ය පරිසර සාධක පහත පරිදි වේ.
  • උෂ්ණත්වය  -    22-25 c
  • වර්ෂාව  -   175mm ට වැඩි
  • ආර්ද්‍රතාවය   -   50-60 %
  • සෙවන   -   60-70 %
ඇන්තූරියම් වගාව සදහා අවශ්‍ය පාරිසරික සාධක සියල්ල ස්වාභාවිකව ලැබී ඇති කලාපයන්ද දක්නට ඇත.ලංකාවේ රට මැදට අයත් කොටස එනම් මුහුදු මට්ටමේ සිට අඩි 1500-3000 දක්වා කොටස මෙම කලාපයට අයත් වේ.                                     
                                                      
                             
                               ඉතිරිය ලගදීම.   
              Sineth Wickramasinghe.

Wednesday, December 9, 2015

සිංහරාජ අඩවිය

      
 සිංහරාජය වනාහි හුදෙක්ම හරිත ලොවකි මන්දයත් එහි ඇති සියලු දිශාවන් බැලූ කල ඒව හරිත පැහැයෙන් දිස්වනු ඇත.ලෝක උරුම භූමියක් ලෙස නම් වී ඇති මෙම මහා සම්පත සිරි ලංකාව වැනි තුන්වන ලෝකයේ රටකට මාහැගි ධනයකි.වර්ග කිලෝමීටර් 88.6ක් පුරාවට පැතිරී ඇති අතර ජීව විද්‍යාත්මක සාධක වලින් මෙම භූමිය ඉතාමත් සශ්‍රීකව පවතී.http://whc.unesco.org/en/list/405
 UNESCO සංවිධානය මගින් සිංහරාජාය පිලිබද සුවිශේශ අවධානයක් යොමු කරන්නේ ජෛව තාකශනයේදී භාවිතා වන ජාන ඉන්ජිනේරු විද්‍යාව සදහා මනා පිටුවහලක් වන විවිධ සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂද මෙහි අඩංගු බැවිනි.වතරතු මල්කොහා එවැන්නෙකි.







සිංහරාජ වනය අයත් වන්නේ නිවර්ථන වැසි වනාන්තර ඝනයටයි.ශ්‍රීලංකාවේ සබරගමුව හා දකුනු පලාතේ කොටසක් පුරාවට සිංහරාජය පැතිරී ඇත.